28 November 2022
සිංහල | English

ටෙස්ලා හිමිකරුගේ කවදාවත් නැති නොවන යතුර



පරිපථවලට දත්ත ගබඩා කර NFC (Near Field Communication) හරහා Terminal සමඟ සන්නිවේදනය කළ හැකි Contactless Chip එකක් Tesla සමාගම නිර්මාණය කර තිබෙනවා. 

 
මේ ආකාරයේ Chip සාමාන්‍යයෙන් භාවිතා වන්නේ ප්‍රවේශපත්‍ර, බැංකු කාඩ්පත් සහ විදේශ ගමන් බලපත්‍ර සඳහායි. 
 
නමුත් වසර ගණනාවක් පුරා විවිධ අරමුණු සඳහා විවිධ වර්ගයේ Chips මිනිසුන් තුළ තැන්පත් කර තිබෙන බවට වාර්තා පවතිනවා. එහි ප්‍රධාන අවස්ථා කිහිපයක් දැකිය හැකියි. 
 
මේවාට උදාහරණ ලෙස., නිව් යෝර්ක් නගරයේ 48 හැවිරිදි රෝගියෙකුට ALS (Amyotrophic Lateral Sclerosis) නිසා ඇති වූ දරුණු අංශභාගය හේතුවෙන් චලනය වීමට සහ කතා කිරීමට නොහැකි වුණා. 
 
එහිදී ඔහුට දුරකථනයෙන් සන්නිවේදනය කිරීමට හැකි ස්ථිර මොළයක් බද්ධ කළ අතර මෙලෙස සැත්කමක් කළ පළමු පුද්ගලයා වන්නේද ඔහුයි. 
 
එම මෙහෙයුම Synchron සඳහා සන්ධිස්ථානයක් ලෙස හැඳින්වෙන වන අතර එමගින් Elon Muskගේ Neuralink සංකල්පය බිඳ දැමීමට සමත් වී තිබෙනවා. 
 
Elon Muskගේ Neuralink යනු සංජානන දුර්වලතා හෝ Parkinson's වැනි රෝග ඇති මිනිසුන්ට, වඩා හොඳින් සන්නිවේදනය කිරීමට ඉඩ දීම සඳහා Chips බද්ධ කිරීමයි. නමුත් මෙම සැත්කම Neuralink සංකල්පයට වඩා වෙනස් වන අතර, මෙහි ක්‍රියා පටිපාටිය වන්නේ අඟල් 1.5ක් දිග - මොළයේ පරිගණක අතුරුමුහුණතක් (BCI) Stentrode ලෙස තැන්පත් කිරීමකි. 
 
මෙය වයර් සහ Electrodes වලින් සාදන ලදදක්. 
ඒ අනුව මෙය රෝගියාගේ හිස් කබල කැපීමකින් හෝ පටක වලට හානි කිරීමකින් තොරව මොළයට බද්ධ කිරීමට හැකියි. 
 
Stockholm පදනම් කරගත් ආරම්භයක් වන Epicenter මඟින්, පසුගිය වසරේ අගභාගයේදී COVID එන්නත්කරණයට ලක් වුවන්ට, එම බලපත්‍රය රැගෙන යාමේ නව ක්‍රමයක් එළිදක්වනු ලැබුවා. 
 
එය සිදු කර ඇත්තේ NFC භාවිතා කරන Microchip එකක් හරහා එය සමට කෙලින්ම බද්ධ කිරීමෙන්. එමෙන්ම Andreas Sjöström නම් නෙදර්ලන්ත සංචාරකයෙක් ගුවන් ගතවීමට ගුවන් තොටුපළට යාමට පෙර ඔහුගේ අතට NFC Chip එකක් සවි කර තිබෙනවා. 
 
එමගින් ඔහුට, ඔහුගේ අවට ඇති දර්ශන Scanne කිරීමට ඉඩ ලැබී ඇති අතර ඔහුට ගුවන් තොටුපල ආරක්ෂාව හරහා ලිස්සා යමින් එය සිදු කිරීමට හැකියාව ලැබී තිබෙනවා. 
 
ඔහු Scandinavian ගුවන් සේවය සමඟ ගනුදෙනුකරුවන්ගේ අත්දැකීම් නව්‍යකරණය කිරීම සඳහා සැලසුම් කළ අත්හදා බැලීමක කොටසක් ලෙස මෙය සිදු කර ඇති බව සඳහන්. 
 
මෙසේ විවිධ හේතුන් මත Chips මිනිසුන්ට බද්ධ කිරීම් සිදු කිරීමක් දක්නට ලැබුනත් අද අපේ අවධානය යොමු කරන්නේ තම මෝටර් රථයේ දොර ඇරීමේ අරමුණින් Chip එකක් බද්ධ කළ අවස්ථාවක් සම්බන්ධයෙන්. 
The procedure took place a week and a half ago and was handled by a professional skin piercer who used a four-gauge needle and anesthetized the area with lidocaine (seen above)
 
Brandon Dalaly නම් පුද්ගලයෙක් ඔහුගේ දකුණු අතේ සමට යටින් කුඩා ස්පර්ශ රහිත Chip එකක් සවි කර තිබෙනවා. 
 
එමඟින් ඔහුට තමන්ගේ Smartphone එක මත රඳා නොසිට ඔහුගේ වාහනය අගුළු ඇරීමට හැකියාව ලැබෙනවා. මෙසේ කිරීමට හේතුව වී ඇත්තේ ඔහුගේ ජංගම දුරකතනයේ ඇති Bluetooth Capability එක සැමවිටම විශ්වාසදායක නොවීම හේතුවෙන්. 
 
ඒ අනුව Dalaly විසින් කුඩා VivoKey Apex Chip එකක් සවි කරන අයුරු පෙන්වන Video පටයක් ඔහුගේ Twitter ගිණුමේ පළකර තිබෙනවා. 
Brandon Dalaly (seen above) had a tiny contactless chip implanted into his skin on his right hand so that he can unlock his vehicle without relying on his smartphoneBrandon Dalaly (seen above) had a tiny contactless chip implanted into his skin on his right hand so that he can unlock his vehicle without relying on his smartphone
එම Chip එක සඳහා Near-field Communication Protocol ලෙස හඳුන්වන තාක්ෂණයම භාවිතා කර තිබෙනවා. 
 
මෙම බද්ධ කිරීම මීට සති එකහමාරකට පෙර සිදු ව ඇති අතර වෘත්තීය සම සිදුරු කරන්නෙකු විසින් එය සිදු කර තිබෙනවා. 
 
සම්පූර්ණ ක්‍රියාවලියට වැය වී ඇත්තේ ඩොලර් 400ක් පමණක් වීම විශේෂත්වයකි. නමුත් මෙය Dalaly විසින් සවි කර ඇති දෙවන Chipය වීම විශේෂත්වයක්. 
The chip uses a near-field communication (NFC) protocol, which is the same technology used for Apple Pay and keyless entry systems at hotels
 
පළමුවැන්න ඔහුගේ නිවසේ දොර විවෘත කිරීම සඳහා බද්ධ කරන ලද Chip එකයි. එමෙන්ම මෙම පළමු Chip එකේ ඔහුගේ Contact තොරතුරු, වෛද්‍ය වාර්තා සහ තවත් වැදගත් තොරතුරුද ඇතුලත් කර තිබෙනවා. 
 
පළමු Chipය ඕනෑම ජංගම දුරකථනයකින් Scan කළ හැකි අතර එමඟින් එහි ඇති තොරතුරු ලබාගැනීමට හැකියි. 
Dalaly, who is a tech enthusiast, is seen above with his first chip implant that glows green when it
 
ඒ අනුව ඉදිරි අනාගතයේදී මෙම කුඩා Chips මඟින් අත්‍යවශ්‍ය දේවල් පමණක් නොව මිනිසාගේ එදිනෙදා සාමාන්‍ය කටයුතු පවා මෙහෙය වීම සිදුවන බව මේ වන විට පෙනෙන්නට ඇති කරුණක් වනවා. 
 
මෙවැනිම තවත් අර්ථවත් දේවල් පිළිබඳව තොරතුරු දැනගන්න Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
Vimarshana Samarakoon @ COLOMBO TIMES