30 September 2022
සිංහල | English

වසර 39 කට පසු 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරන ලාංකේය චිත්‍රපටිය



ලොව පැරණිම අන්තර්ජාතික සිනමා උළෙලක් වන රුසියාවේ මොස්කව්හි පැවැත්වෙන 'මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල' (MIFF ) දැනට ලොව පවත්වනු ලබන අන්තර්ජාතික සිනමා උළෙල අතර ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන සිනමා උළෙලක් වනවා. 

 
වසර 39 කට පසු 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ( MIFF) තරඟකාරී අංශ නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකේය චිත්‍රපටියක් සුදුසුකම් ලබා ති‌බෙනවා. 
 
අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලෙහි තරඟකාරී අංශ නියෝජනය කිරීමට අනුර ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ D & D Films වෙනුවෙන් ඉන්ද්‍රජිත් සිල්වා විසින් නිෂ්පාදන කළ 'මාරියා' වෘත්තාන්ත සිංහල චිත්‍ර පටය සුදුසුකම් ලබා තිබෙනවා. 
 
තවද 'මාරියා' චිත්‍රපටයේ අන්තරජාතික මංගල දැක්ම ද එම සිනමා උළෙලේදීම සිදු කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බවයි මේ වන විට නිල වශයෙන් දැනුම් දී ඇත්තේ.
(colombotimes.lk)
 
 
May be an image of 2 people and people standing
May be an image of 2 people
May be an image of 1 person
May be an image of 2 people and people sitting
May be an image of 2 people, people sitting and people standing