කෙතරම් විරෝධතා සහ බාධක පැමිණියද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල අනිවාර්යෙන් ඉවත් කරන බව කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසනවා.
වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් පිළිබඳ ගන්නා පියවර සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා.
ජාතික අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙරට වැව් රක්ෂිත 23ක සීමා සලකුණු කිරීම සඳහා රජය නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා වන පළමු පියවර ලෙස සියලු වැව් රක්ෂිතවල සීමා සලකුණු කිරීමේ වැඩපිළිවෙළ අද නුවර වැවේ රක්ෂිතයේ සීමාවල වාරිමාර්ග දෙපාර්තමේන්තු සලකුණ සටහන් කරමින් ආරම්භ වුණා.