27 September 2022
සිංහල | English

යෝජිත ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පතට වෙනසක්



යෝජිත ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. 

 
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුකූලව පවතින නොගැලපීම් නැවැත්වීම සඳහා පනත් කෙටුම්පත සංශෝධනය කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
 
ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 12 වැනිදා රජය විසින් ගැසට් කළා. 
 
ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට නොගැලපෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. 
 
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද (22) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අද රැස්වීම ආරම්භයේදීයි. 
 
නොගැලපීම් සංශෝධනය නොකළහොත් විශේෂ බහුතරයකින් පනත් කෙටුම්පත සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව ද කථානායකවරයා පැවසුවා. 
 
පනත් කෙටුම්පත යටතේ යෝජිත කමිටුවේ සංයුතිය ඇතුළු නොගැලපීම් සංශෝධන සිදු කළහොත් නතර වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.
(colombotimes.lk)