01 December 2022
සිංහල | English

X-Press Perl නෞකාවේ සිදුවීම: කපිතාන් ඇතුළු හත් දෙනෙකුට මහාධිකරණයේ අධිචෝදනා



ශ්‍රී ලංකාවේ සාගර පරිසරයට හානි කිරීමින් ගිනිගෙන විනාශ වූ MV X-Press Perl නෞකාවේ කපිතාන්වරයා සහ X-Press Perl නෞකාවේ දේශීය නියෝජිතයා ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා භාර දුන්නා. 

මේ අතර අද අධිකරණයේ පෙනී නොසිටි තවත් විත්තිකරුවන් තිදෙනෙකුට මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා සිතාසි නිකුත් කළ අතර දෙසැම්බර් මස 12 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කළා.
(colombotimes.lk)