පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කළ ද ඇතැම් බේකරිවල, ආපනශාලාවල සහ පාන් බනිස් අලෙවි සල්වල මිල අඩු කර නොමැති බව පාරිභෝගිකයන් පවසනවා.
මිල අඩුකර නැති මෙම බේකරිවල සහ පාන් අලෙවිසල්වල මෙන්ම පාන් අලෙවි කරන ජංගම රථවලද පාන් ගෙඩියක් රුපියල් 150ක් 160 වශයෙන් ද බනිස් හා කිඹුලා බනිස් රුපියල් 60 සහ 70 වශයෙන් කළින් පැවති මිලටම අලෙවි කරන බවයි ඔවුන් පවසන්නේ.
මිල අඩු නොකිරීම ගැන පාන් අලෙවි කිරිමේ වෙළඳසල් මෙන්ම ජංගම රථවලින් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ තමන්ට බේකරිවලින් පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන ලබා දුන්නේ කළින් මිලටම බවත් එම නිසා රුපියල් 10 කින් මිල අඩු කොට විකිණීමෙන් පාඩුවක් සිදුවන බැවින් කළින් අලෙවි කළ මිලටම පාන් බනිස් අලෙවි කරන බවයි.
මීට අමතරව වැඩි මිලට පිටි මිලදී ගැනීමට සිදුවීම පාන් බනිස් මිල අඩු නොකිරීමට තවත් හේතුවක් බවද බේකරි හිමියන් පැවසුවා.
(colombotimes.lk)