නාගරික සංවර්ධන අධිකාරිය විසින් රජයේ මුදල් යොදවා ආරම්භ කළ ව්‍යාපෘති 23ක් මේ වන විට අත්හිටුවා තිබෙනවා.
මේවා අතරින් ව්‍යාපෘති 11ක් ආයතන අතර ඇති වූ ගැටලු හේතුවෙන් නවතා දමා ඇති බවද වාර්තා වනවා.
පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබුණා.
එහිදී ව්‍යාපෘති අනහිටීමට ප්‍රධාන හේතු දෙකක් දක්වා තිබෙනවා.
1) ප්‍රමාණවත් පරිදි මුදල් නොමැති වීම.
2) අදාළ ආයතන අතර යහපත් සහයෝගීතාවයක් හෝ එකඟතාවයක් නොමැතිවීම.
(colombotimes.lk)