සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙක්ව විත්තිවාචිකව නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළා.
ඒ 2019 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැරගෙනයාම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කළ බවට චෝදනා කරමින් පවරා තිබූ නඩු විභාගයක් සම්බන්ධයෙන්.
එමෙන්ම දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.
(colombotimes.lk)