20 July 2025

logo

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්




දිවයිනට මේ වන විට බලපා තිබෙන තද සුළං තත්ත්වය ජූලි 25වනදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමඟ පහළ වායුගෝලයේ හටගෙන ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන්.

ඒ අනුව මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරුමැද පළාත්වලත් පැයට කිලෝමීටර් 60 දක්වා වූ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා තද සුළං ඇති විය හැකි බවයි.

news images

news images
(COLOMBOTIMES.LK)