10 January 2026

logo

තැපැල් ඡන්ද විමසීමේ කාල සීමාවේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්



2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

අද (02) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කරන ස්ථාන සඳහාද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
(colombotimes.lk)