11 August 2025

logo

රුසියානු දේශසීමාවේ සිදු වූ ප්‍රහාරයකින් 06කගේ දිවි තොර වෙයි



රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි මහල් 12කින් යුත් ගොඩනැගිල්ලකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 06 දෙනෙක් මිය ගොස් ඇති අතර 59දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම ඊසානදිග යුක්‍රේනයේ ද කාර්කිව් නගරයේ ක්‍රීඩා පිටියකට එල්ල වූ රුසියානු බෝම්බ ප්‍රහාරයකින් 14 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් තවත් ළමුන් 09දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

මොස්කව් හමුදාව පසුගිය සතිය තුළදී ද යුක්‍රේනයට ඩ්‍රෝන යානා සහ මිසයිල 400කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබෙනවා.

(colombotimes.lk)