11 August 2025

logo

යුක්‍රේනයේ 100,000කට විදුලිය විසන්ධි වෙයි



යුක්‍රේනයේ විදුලි බල මධ්‍යස්ථානයකට රුසියාව විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ හේතුවෙන් ඊසානදිග සුමි ප්‍රදේශයේ පුද්ගලයින් 100,000කට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විදුලිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බවයි සඳහන් වන්නේ.

බලශක්ති පහසුකම් හැරුණු විට ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියාව මේ වනවිට යුක්‍රේනය පුරා බලශක්ති පහසුකම් අඛණ්ඩව කඩාකප්පල් කිරීමට කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)