ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා තව ඇත්තේ දින 17ක කාලයක් පමණයි.
මෙවර ජනාධිපතිවරණයේ ජනාධිපති ධූරය වෙනුවෙන් අපේක්ෂකයන් 38 දෙනෙක් තරග කිරීමට තම නාම යෝජනා පත්‍ර ලබා දී අවසන්.
ඔවුන්ගේ දේශපාලන ප්රචාරක වැඩසටහන් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක රැසක් ආවරණය කරමින් ක්‍රියාත්ම වෙමින් පවතිනවා.
මෙවර ජනාධිපතිවරණයේ ජනාධිපති ධූරය වෙනුවෙන් තරග වඳින රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ ඔවුන්ගේ දේශපාලන රැළිවලදී පළ කළ අදහස් කිහිපයක් පහතින්,
තමා පොරොන්දු ලබාදී බලා සිටින නායකයෙක් නොව පොරොන්දු ඉටු කරන නායකයෙක් බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ඊයේ (03) පැල්මඩුල්ලේ පැවති ජන රැලියට එක්වෙමින් සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ ඊයේ (03) ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී පැවති ජනහමුවකට එක්වෙමින් කියා සිටියේ ඉදිරි වසර 10 තුළ මෙරට රටේ ආර්ථිකය බිලියන 185ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි.
දුප්පත්කමින් මිදීමට පස් වැදෑරුම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ (03) වවුනියාවේ පැවති ජන රැළියකට එක්වෙමින් ප්‍රකාශ කළා.
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක ඊයේ (03) අම්බලන්ගොඩ පැවති ජන රැලියකට එක්වෙමින් කියා සිටියේ පවතින බදු ක්‍රමය වෙනස් කර කර්මාන්ත දියුණු කිරීමට පියවර ගන්නා බවයි.
(colombotimes.lk)