29 January 2026

logo

බංගලාදේශයේ ගැටුම් නිසා දරුවන් 32කට දිවි අහිමි වෙයි



බංගලාදේශයේ පැවති ගැටුම් හේතුවෙන් අවම වශයෙන් දරුවන් තිස් දෙදෙනෙකු මියගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

මියගිය අයගෙන් වැඩි පිරිසක් විරෝධතා පැවැත්වුණු ස්ථාන අවට සිටි අය බවයි සඳහන් වන්නේ.

මියගිය බාලම දරුවාට වයස අවුරුදු පහක් බව එම සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් පසුව රජය විසින් තීන්දු කළ කෝටා ක්‍රමය අඩු කළ නමුත් සිසුන් අඛණ්ඩව විරෝධතා පවත්වමින් සිටින බව සඳහන්.

(colombotimes.lk)