29 January 2026

logo

රුසියාවේ ගුවන් ගමන්වාර 50ක් නවතියි



රුසියාවේ මොස්කව්හි මහල් නිවාස සංකීර්ණයක් ඉලක්ක කරගනිමින් යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය මොස්කව් කලාපයට එල්ල වූ දරුණුතම ප්‍රහාරයක් බවයි.

ඒ හේතුවෙන් කාන්තාවක් මියගොස් ඇති අතර නිවාස විශාල ප්‍රමාණයකටද හානි වී තිබෙනවා.

එමෙන්ම ගුවන්තොටුපොල 4ක් වසා දැමීම හේතුවෙන් ගුවන් ගමන් 50ක් පමණ අවලංගු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)