11 August 2025

logo

ඊශ්‍රායල අගමැතිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්



ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු දිග ලෙබනනයේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ප්‍රහාරය එල්ල වී ඇති නමුත් එම අවස්ථාවේදී ඔහු නිවසේ සිට නොමැති බවයි.
 
ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙක්ට අනතුරක් සිදුවී නොමැති බවද අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ලෙබනනයේ සිට මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවට ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ලෙබනනයේ සිට ඩ්‍රෝන ප්‍රහාර 03ක් දියත් කර ඇති අතර ඉන් 02ක් මැඩපැවැත්වීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරය කුමන පාර්ශවයක් විසින් එල්ල කළේද යන්න පිළිබදව මෙතෙක්  ප්‍රකාශ කර නොමැත බවයි.

(colombotimes.lk)