11 August 2025

logo

වෙනිසියුලාවේ ඉන්ධන පර්යන්තයක ගින්නක්



වෙනිසියුලාවේ ඉන්ධන පර්යන්තයක ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්නෙන් පුද්ගලයන් 21 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම බොර තෙල් ගබඩා ටැංකියක හටගත් ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම අවස්ථාවේදී ටැංකිය තුල බොරතෙල් බැරල් 75,000ක පමණ ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කර තිබූ බවට තොරතුරු වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

(colombotimes.lk)