11 August 2025

logo

ඇමරිකාවෙන් ඊශ්‍රායලයට ලිපියක්



ගාසා තීරයට ලබාදෙන මානුෂීය ආධාර වැඩි කිරීම සඳහා දින 30ක කාලයක් ලබාදෙන බව ඇමරිකාව ඊශ්‍රායලයට ලිඛිතව දන්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෑත කාලයේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබීම හේතුවෙන් ඇමරිකාව දැඩි කනස්සල්ලෙන් පසුවීම ලිපිය ලිවීමට හේතු වූ බවයි.

ගාසා තීරයේ මානුෂීය ආධාර ප්‍රවේශය ඉහළ නැංවීමට ඊශ්‍රායලය අපොහොසත් වන්නේ නම් ඇමරිකා හමුදා ආධාර කපා හරින බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

(colombotimes.lk)