10 January 2026

logo

සජබයෙන් අප්සාරිට නව ධූරයක්



සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් අප්සාරී සිංහබාහු හට එම පක්ෂයේ නව තනතුරක් ලබාදී තිබෙනවා.

ඒ සමගි ජන බලවේගයේ බස්නාහිර පළාත් කොළඹ දිස්ත්‍රික්කයේ බටහිර කොළඹ මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධූරයයි.
 
ඇයට එම පත්වීම් ලිපිය සජිත් ප්‍රේමදාස අතින් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාවේ 6.9 සිට 6.16 දක්වා වන වගන්තිය මඟින් මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.      

(colombotimes.lk)