11 August 2025

logo

ලෙබනනයේ සිටින ලාංකිකයන් ගැන දැනුම්දීමක්



ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශවල කිසිදු ලාංකිකයෙක් නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර සඳහන් කළේ එරට සිටින සියලු ලාංකිකයන් ආරක්ෂිත බවයි.

තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවාස තුළ ලාංකිකයන් 15 දෙනෙක් සිටින බව ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එරට සිටින ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගෙන තිබෙන බවයි.

(colombotimes.lk)