29 January 2026

logo

ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්



ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මගී ප්‍රවාහන දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 19 දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි.

එම අවස්ථාවේදී දුම්රිය තුළ පුද්ගලයන් 1360 දෙනෙක් සිට තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ අනතුරින් දුම්රිය මැදිරි 12ක් පීලී පැනීමට ලක්වී මෝටර් රථයක් ද ගිනි ගෙන තිබෙන බවයි.

ඒ හේතුවෙන් තමිල්නාඩුව හරහා ධාවනය වීමට නියමිත දුම්රිය 18ක් අවලංගු කර තිබෙනවා.

(colombotimes.lk)