17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද සිට



මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අදින් (04) ආරම්භ වනවා.

ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ අනුව ලබන 11 වනදා මධ්‍යහන 12.00 දක්වා නාම යෝජනා භාරදිය හැකි බව ඔහු ප්‍රකාශ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ නාම යෝජනා භාරදීමේ පරිශ්‍රය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

(colombotimes.lk)