29 January 2026

logo

ඇමරිකාවෙන් ඉරානයට චෝදනා



යුක්‍රේනයට එරෙහිව යුද්ධ කිරීම සඳහා රුසියාව කෙටිදුර බැලස්ටික් මිසයිල සපයා තිබෙන බවට ඇමරිකාව ඉරානයට චෝදනා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් ඉරානයට නව සම්බාධක පැනවීමට ඇමරිකාව කටයුතු කර තිබෙන බවයි.

රුසියාවට ඉරානයෙන් ලැබුණු එම මිසයිල මේ වන විට නැව් ගත කර තිබෙන බවත් සති කිහිපයකින් යුක්‍රේනුවන්ට එරෙහිව රුසියාව ඒවා භාවිතා කරන බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසනවා.

(colombotimes.lk)