11 August 2025

logo

වසර 25කට පසු ගාසාහි පෝලියෝ යළිත් හිස ඔසවයි



ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයෙන් වසර 25කට පසු පෝලියෝ වෛරස ආසාදිතයෙක් හමු වූ බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයෙන් වාර්තා වන පෝලියෝ ප්‍රභේදය විශේෂ එකක් වන බවයි.

එරට සෞඛ්‍ය සංවිධාන ප්‍රකාශ කළේ පසුගිය ඔක්තෝබර් 07 වනදා සිට ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් එහි වෙසෙන දරුවන් හට එන්නත්කරණ කටයුතු සිදු නොකිරීම මෙම රෝගී තත්ත්වය යළිත් උත්සන්න වීමට හේතු වන බවයි.

(colombotimes.lk)