15 June 2025


ඇමරිකානු ජනාධිපති සිය ධූර කාලයේ වාර්තාගත ලෙස නිවාඩු ගනියි



ඇමරිකානු ජනාධිපති Joe Biden සිය වසර 04ක ධූර කාලය තුළ දින 532ක් නිවාඩු ලබාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් 40%ක් බව රිපබ්ලිකන් ජාතික කමිටුව අනාවරණය කර තිබෙන බවයි.

ඇමරිකාවේ සේවකයෙක් සඳහා වාර්ෂිකව හිමිවන රාජකාරී නිවාඩු සංඛ්‍යාව 11ක් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව වසර 04ක් තුළ ජනාධිපතිවරයා ලබාගත් නිවාඩු දින සංඛ්‍යාව ඇමරිකාවේ සේවකයෙක් වසර 48ක සේවා කාලයක් තුළ ලැබෙන සමස්ත නිවාඩු සංඛ්‍යාවට සමාන බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

(colombotimes.lk)