29 January 2026

logo

ලෙබනනයේ නගර සභාවකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්



ලෙබනනයේ නබාති නුවරට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයන් 16 දෙනෙක් මියගොස් 52ක් තුවාල ලබා ඇති බවයි.

නබාති නගර සභා ගොඩනැගිල්ල ද ඉන් විනාශ වී තිබෙනවා.

මියගිය පුද්ගලයන් අතරට නගරාධිපතිවරයා ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

ලෙබනන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවතැන්වූවන් සඳහා සහන සැලසීම සම්බන්ධයෙන් අදාළ නගර සභා ගොඩනැගිල්ලේ සාකච්ඡාවක් පැවති අතරතුර එම ප්‍රහාරය එල්ල වූ බවයි.

කෙසේ වෙතත් නබාති නුවර හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පවසනවා.

(colombotimes.lk)