11 August 2025

logo

ලෙබනනයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්



උතුරු ලෙබනනයට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයන් 21දෙනෙක් මියගොස් ඇති බවයි.

එමෙන්ම තවත් පුද්ගලයන් 8 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත්තේ ක්‍රිස්තියානි ගම්මානයක් වන අයිටු හි නේවාසික ගොඩනැගිල්ලටයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)