11 August 2025

logo

ඇෆ්ගනිස්ථානයේ කතුන්ට තවත් තහනමක්



ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය විසින් එරට කාන්තාවන්ට කටහඬ තවත් අයෙකුට ඇසෙන සේ කතා කිරීම තහනම් කරමින් නව නීතියක් පනවා තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන කතුන්ට මීට පෙරදී පිරිමි පුද්ගලයන්ට ඇසෙන සේ කතා කිරීමද තහනම් කර තිබුණා.

ඔවුන්ට පනවා තිබෙන මෙම නව නීතිය මඟින් කාන්තාවකට තවත් කාන්තාවකට ඇසෙන සේ කතා කිරීමද තහනම් වනවා.

තලෙයිබාන් පාලනයේ මතය වන්නේ කාන්තාවන්ගේ කටහඬ ප්‍රසිද්ධ ස්ථානවලදී තවත් කාන්තාවකට ශ්‍රවණය නොවිය යුතු බවයි.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තවත් කාන්තාවක් ඉදිරියේ කුරානය කියවීම සහ යාඥා කිරීමටද මෙම නීතිය මඟින් තහනම් කර තිබෙනවා.

(colombotimes.lk)