29 January 2026

logo

ඊශ්‍රායලයට ආයුධ විකිණීම බ්‍රිතාන්‍ය අත්හිටුවයි



බ්‍රිතාන්‍ය විසින් පැහැදිලි අවදානමක් සහිත ආයුධ ඊශ්‍රායලයට විකිණීම අත්හිටුවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ ආයුධ ජාත්‍යන්තර නීතිය උල්ලංඝය කිරීමට භාවිතා කළ හැකි බැවින් බ්‍රිතාන්‍ය මෙම තීරණය ගෙන ඇති බවයි.

බ්‍රිතාන්‍ය විසින් ඊශ්‍රායලයට ලබාදී තිබූ ආයුධ අපනයන බලපත්‍ර 350න් 30ක් අත්හිටුවීමට තිරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
 
ප්‍රහාරක ජෙට් යානා හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා සඳහා වන අමතර කොටස්ද එම තහනමට ලක් වී තිබෙනවා.

 
(colombotime.lk)