17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


අපේක්ෂකයන්ගේ මනාප අංක අද නිකුත් කරයි



ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ මනාප අංක අද (16) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් මඟින් එම මනාප අංක නිකුත් කරන බවයි.

මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයන් 8,352ක් තරග කිරීමට නියමිතව තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් තරග වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

මේ අතර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් වැය කළ හැකි මුදල් සීමාව පිළිබඳ ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)