29 January 2026

logo

යාගි සුළි කුණාටුව ජීවිත 60ක් බිලි ගනියි



යාගි සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයන් 60 දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වසරේ ආසියානු මහද්වීපයට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය වන බවයි.

මෙම සුළි කුණාටුව හේතුවෙන් එරට ප්‍රාන්ත 12ක පාසල් වසා දමා ඇති අතර වෙරළ ආශ්‍රිත කලාපයෙන් 50,000කට අධික සංඛ්‍යාවක් ඉවත් කර තිබෙනවා.  

(colombotimes.lk)