29 January 2026

logo

සුඩානයේ වේල්ලක් කැඩෙයි - 60ක් ජීවිතක්ෂයට



අධික වර්ෂාවත් සමඟ සුඩානයේ අර්බට් වේල්ල කැඩී යාමෙන් 60 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් මියගිය පිරිස ඉහළ යා හැකි බවයි.

අර්බට් වේල්ල කැඩී යාම හේතුවෙන් ගම්මාන කිහිපයක ජනතාව ආපදාවට පත්ව ඇති බවත් සමහර ප්‍රදේශවලට බීමට ජලය නොමැති වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)