25 November 2024


දිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය පහළට



පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාලගුණික බලපෑම් ආගමික උත්සවවලදී රතිඤ්ඤා භාවිතය, වගා අවශේෂ ගිනි තැබීම් ඊට හේතු වී තිබෙන බවයි.

දිල්ලි අගනුවර පවතින වායු ගුණාත්මක දර්ශක අගය 400 සහ 500 සීමාව අතර මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට කාලගුණ අංශය විසින් අනතුරු අඟවා ඇත්තේ මෙම තත්ත්වය  තවදුරටත් උග්‍ර විය හැකි බවටයි. 

(colombotimes.lk)