10 January 2026

logo

ඇල්පිටියේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අතිරේක දිනය අදයි



ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අතිරේක දිනය අද (18) ක්‍රියාත්මක වනවා.

ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් ඩබ්ලිව්. එච්. ආර්. විජයකුමාර මහතා සඳහන් කළේ පසුගිය 14 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන්ට අද තැපැල් ඡන්දය සලකුණු කිරිමේ හැකියාව පවතින බවයි.

ඒ අනුව දිස්ත්‍රික් කාර්යාලයේදී රාජ්‍ය සේවකයන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතිනවා.

මැතිවරණ නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්දය 90%කට වැඩි ප්‍රමාණයක් සලකුණු කර ඇති බවයි.

පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධින කණ්ඩායමක් ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් ඩබ්ලිව්. එච්. ආර්. විජයකුමාර මහතා සඳහන් කළා.

ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන 26 වනදා පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)