17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ඇල්පිටියේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට



එළඹෙන 26 වනදා ආරම්භ වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද සලකුණු කිරීම හෙට (14) සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිසම පසුගියදා නිවේදනය කළේ 14 වන දින සලකුණු කිරීමට නොහැකි වන අයට ලබන 18 වනදා ඒ සඳහා අවස්ථාව ලබා දෙන බවයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 02ක් ඇප තැම්පත්කර තිබුණද ඉන් පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් පමණක් නාම යෝජනා භාරදී තිබෙනවා.

ඇල්පිටිය ඡන්දයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඊයේ (12) තැපෑලට භාරදුන් අතර ඒවා බෙදාහැරීම ලබන 17 වනදා සිට 20 දක්වා සිදු කිරීමට නියමිතයි.

(colombotimes.lk)