13 December 2025

logo

චීනයේ ගංවතුර පුද්ගලයින් 60කට දිවි අහිමි කරයි



චීනයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ දකුණු ප්‍රදේශයට දින කිහිපයක සිට ඇදහැලුනු අධික වර්ෂාපතනයත් සමඟ ප්‍රදේශ රැසක ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව චීනයේ හුනාන් පළාතට ගංවතුරෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇති අතර නිවාස දහස් ගණනක් විනාශ වී තිබෙනවා.
(colombotimes.lk)