29 January 2026

logo

ලෙබනනයේ හිටපු මහ බැංකු අධිපති අත්අඩංගුවට



ලෙබනනයේ හිටපු මහ බැංකු අධිපති රියාඩ් සලාමේව බේරූට් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රෝකර් සමාගමක සිදුකර තිබූ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

73 වන වියේ පසුවන සලාමේ එරට මහ බැංකු අධිපති ලෙස වසර 30ක් පමණ සේවය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ අවසාන වසර කිහිපයේදී මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(colombotimes.lk)