19 April 2025

INTERNATIONAL
POLITICAL


හෙලේන් ඇමරිකාව වනසයි



එක්සත් ජනපදයේ ගිනිකොන දෙසින් හමා ගිය හෙලේන් සුළි කුණාටුව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 43 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම සුළි කුණාටුව හේතුවෙන් මිලියන ගණනකට විදුලිය විසන්ධි වී තිබෙනවා.

මෙය ෆ්ලොරිඩාවේ බිග් වංගුවට පහර දුන් වාර්තාගත ප්‍රබලම කුණාටුව වන අතර උතුරට ජෝර්ජියා සහ කැරොලිනාස් වෙත ද මෙම සුළි කුණාටුව ගමන් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හෙලේන් සැලකිය යුතු ලෙස දුර්වල වී ඇතත් අධික සුළං, ගංවතුර සහ ටොනේඩෝ තර්ජනය දිගටම පවතින බවයි.

මෙය ගොඩබිමට පැමිණීමෙන් පසු පැය 06ක් සුළි කුණාටුවක් ලෙස පැවතුන බව ෆෙඩරල් හදිසි කළමනාකරණ ඒජන්සිය පවසනවා.

(colombotimes.lk)