11 August 2025

logo

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යවරයා ඇමරිකාවට



ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඇමරිකාවට ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාව සහ ඇමරිකාව අතර ඉහළ පෙළේ ආරක්ෂක ගිවිසුම් කිහිපයක්ම අවසන් අදියරේ ඇති බැවින් ඊට අදාළ කටයුතු වෙනුවෙන් ඔහු ඇමරිකාවට පැමිණ ඇති බවයි.

එමෙන්ම සිය සංචාරයේදී රාජ්නාත් සිං ඇමරිකානු ආරක්ෂක ලේකම් සහ ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක හමුවී ද්විපාර්ශවික සාකච්ඡා සිදු කිරීමට ද නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු එළඹෙන 26 වනදා දක්වා ඇමරිකාවේ රැඳී සිටීමට නියමිත බවයි.

(colombotimes.lk)