11 August 2025

logo

මිනිසුන් රැගත් රොකට්ටුවක් අභ්‍යාවකාශගත කිරීමට ඉන්දියාව සැරසෙයි



ඉන්දියාව පළමුවරට මිනිසුන් රැගත් රොකට්ටුවක් අභ්‍යාවකාශගත කිරීමේ සූදානමින් පසුවනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 'ගගන්යාන්' නමින් නම් කර ඇති මෙහෙයුම යටතේ පළමුව මිනිසුන් රහිතව පර්යේෂණ මට්ටමින් රොකට්ටුවක් අභ්‍යාවකාශගත කිරීමට නියමිත බවයි.

ඒ අනුව G1 ලෙස හැඳින්වෙන රොකට්ටුව එළඹෙන දෙසැම්බර් මාසයේදී අභ්‍යවකාශගත කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය සඳහන් කළා.

ගගනගාමීන් තිදෙනෙක්ද රැගත් යානය දියත් කිරීමට සැලසුම් කර ඇත්තේ 2025 වසරේදීයි.

(colombotimes.lk)