29 January 2026

logo

ඉන්දීය අගමැති BRICS සමුළුව සඳහා රුසියාවට



අගමැති නරේන්ද්‍ර මෝදී රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ආරාධනයකට අනුව ඔක්තෝබර් 22 සිට 23 දක්වා රුසියාවේ කසාන්හී පැවැත්වෙන 16 වන BRICS සමුළුවට සහභාගීවීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රුසියාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන BRICS සමුළුවෙහි සාමාජික රටවල සහ ආරාධිත නායකයන් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කසාන්හීදී ද්විපාර්ශවික හමුවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙය ඔහුගේ දෙවන රුසියානු සංචාරය වීමද විශේෂත්වයක්.

(colombotimes.lk)