29 January 2026

logo

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා නායකයා ජීවිතක්ෂයට



බීරූට් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශය පවසනවා.

ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්ක කරගනිමින් ඊයේ (27) පස්වරුවේ සිට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම ප්‍රහාරයෙන් හිස්බුල්ලා නායකයාද මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයන් 6 දෙනෙක් මියගොස් ඇති අතර පුද්ගලයන් 91 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

ඒ අතරට තවත් හිස්බුල්ලා ප්‍රධානීන්ද අයත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)