29 January 2026

logo

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 40කට දිවි අහිමි වෙයි



ගත වූ පැය 24ක කාලය තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 40 දෙනෙක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම 71 දෙනෙකුට තුවාල සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ අතර ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී ගාසා තීරයේ මන්දපෝෂණ තත්ත්වය 50%කින් ඉහළ ගොස් තිබෙන බවයි.
 
එමෙන්ම ගාසා තීරයේ ළමුන් 650කට අධික පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා.

(colombotimes.lk)