23 July 2025

logo

ජනපති සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්



ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක් ඊයේ (27) පවත්වා තිබෙනවා.

ඒ කොළඹ මාළිගාවත්තේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධාන මූලස්ථානයේදී බවයි වාර්තා වන්නේ.  

පසුගිය කොරෝනා සමයේ මිය ගිය මුස්ලිම්වරුන් ඇතුළු සෙසු ආගමිකයන් ආදාහනය කිරීමට රජයට නිර්දේශ කළ පාර්ශව සතුව පවතින වගවීම පිළිබඳව සොයා බලා ඒ සඳහා කටයුතු කිරීමට අවශ්‍ය සියලුම දෑ අනෙකුත් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට තමන් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.


(colombotimes.lk)