29 January 2026

logo

නේපාලයේ බස් අනතුරෙන් දිවි අහිමි වූ පිරිස ඉහළට



නේපාලයේ Pokhara නගරයේ සිට කත්මන්ඩු දක්වා ධාවනය වූ බස් රථයක් Marsyangdi ගංගාවට පෙරළීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 41ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරට ලක් වූ බස් රථයේ ඉන්දියානු වන්දනාකරුවන් පිරිසක් ගමන් කර ඇති බවයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ ඉන්දීය ජාතිකයින් 24 දෙනෙක්ගේ සිරුරු හෙට (25) ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් නාෂික් වෙත රැගෙන යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අනතුරුව දේහයන් ඔවුන්ගේ පවුල් වෙත භාර දීමට නියමිතයි.

(colombotimes.lk)