10 January 2026

logo

පුරප්පාඩුවූ මන්ත්‍රීධූර 2ක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට දැනුම්දීමක්



පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 2ක් පුරප්පාඩුවී ඇති බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.  

සමගි ජන බලවේගය නියෝජනය කළ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු යන අයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර පසුගියදා අහෝසි වුණා.

ඒ අනුව පසුගිය 09 වනදා 9වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 2ක පුරප්පාඩුවක් ඇති බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (1) සහ 64 (5) යන වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)