සැප්තැම්බර් 19 වනදා මධ්‍යම රාත්‍රිය වන විට සියලුම මැතිවරණ මෙහෙයුම් කාර්යාල වසා දැමිය යුතු බව මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ (පර්යේෂණ හා සැලසුම්) චන්න. පී. ද සිල්වා පවසනවා.
ඔහු කියා සිටියේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම, පත්කිරීම් හා උසස්වීම් ලබාදීම, උත්සව, ජංගම සේවා, වෙළෙඳ ප්‍රදර්ශන සහ විවිධ පහසුකම් ලබාදීම ආදිය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට එය අවසාන වනතුරු සිදු කළ නොහැකි බවයි.
එමෙන්ම ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් වියදම් කරන ලද සමස්ත වියදම් වාර්තාව ලබාදීමට අපොහොසත් වන්නේ නම් එම අපේක්ෂකයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කියා සිටියා.
මේ අතර ජනාධිපතිවරණයේදී ප්‍රමාණය ඉක්මවා වියදම් කර හෝ සාවද්‍ය තොරතුරු ඇතුළත් කර ඇති නම් ජයග්‍රහණය ලබා සිටියද එවැනි අපේක්ෂකයෙක්ගේ තනතුර අහිමි වන බව ඔහු සඳහන් කළා.
ජනාධිපතිවරණය වෙනුවෙන් මාධ්‍ය උපමාන හා මැතිවරණ වියදම් නියාමනය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව කියා සිටියා.
(colombotimes.lk)