10 January 2026

logo

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට නිවෙස්වලට



ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම අද (03) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු එළඹෙන 14 වනදා දක්වා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ එළඹෙන 8වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස නම් කර ඇති බවයි.

(colombotimes.lk)