17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අවසන්



ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද (14) අවසන් කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ප්‍රකාශ කළේ යම් ඡන්ද දායකයෙක්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් ළඟම තිබෙන තැපැල් කාර්යාලයට ගොස් එය ලබාගත හැකි බවයි.

තවද ඡන්දය භාවිතා කිරීමට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අනිවාර්යය අවශ්‍යතාවක් නොවන බවත් ජාතික හැඳුනුම්පත හෝ පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඡන්දය භාවිතා කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

 
(colombotimes.lk)