17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 70 ඉක්මවයි



මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 78ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 869ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 76ක් වාර්තා වනවා.

මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් කොමිසම නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,



(colombotimes.lk)